උණුසුම් පුවත්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කර නොගන්නා බවට ජනපතිගෙන් ප්‍රකාශයක්..

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එසේ කලහොත් පරාජයට පත් වන්නේ මාතෘ භුමිය බවයි ඒ මහතා කියා සිටියේ.
ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි සම්මේලනය අමතමින්
ඒ අනුව පෞද්ගලික මත පසෙකලා සියලුදෙනා එක්ව සාකච්ඡා කර රටට  ගැලපෙන යහපත් අධ්‍යාපන ක්‍රමයක් සකස්කල යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ඉදිරි වසර කිහිපය ඇතුලත එය තීරණය කළ යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කලේ.
 රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකල යුතු වනවා.
පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ නිරත පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයද ඊට සහභාගී කරවා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කලා.

Exit mobile version