උණුසුම් පුවත්

අන්තර් ජාල තර්ජන පිළිබඳ පැමිණිලි කිරීමට අංකයක්..

අන්තර්ජාලය ඔස්සේ එල්ලවන විවිධ තර්ජන සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට  පැමිණිලි කළහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
එම පැමිණිලි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම්දිය හැකි බව සදහන්.
ඒ මහතා කියා සිටියේ නිවසේ සිට එම පැමිණිලි ඊමේල් මාර්ගයෙන්  සිදුකළ හැකි බවයි.

 109 ක්ෂණික දුරකථන අංකය හරහාද ඒවා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත යොමුකල හැකි බව සඳහන්.
එම කාර්යාංශයට අදාල ක්ෂණික දුරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සදහන් කලේ.

Exit mobile version