ප්‍රධාන පුවත්

අවුරුදු ක්‍රීඩා උත්සව සඳහා මාර්ගෝපදේශ ..

අනතුරු අවම කර ගැනීම සඳහා අලුත් අවුරුදු ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කල බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියා.
 ඇතැම් ක්‍රීඩා සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම ඒ අතර ප්‍රධාන වන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා එහිදී ප්‍රකාශ කලේ.
 ධාවන හා මැරතන් තරග ඇතුළු අවුරුදු ක්‍රීඩා සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සඳහා සියලු පොලිස් ස්ථාන වෙතද චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

Exit mobile version