උණුසුම් පුවත්

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්..

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් පිරිසක් සහභාගි වු බව සදහන්.
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ද ඊට සහභාගීවී තිබෙනවා.
එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඇති බව සදහන්.
ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ වශයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව නිශ්චිත එකඟතාවලට එළඹීම සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුවී ඇති බව සඳහන්.

Exit mobile version