උණුසුම් පුවත්

ඉරානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් තැබේ..

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා
එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටෙහි නියෝජිතයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවති බව සදහන්
එම සාකච්ඡා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනා
එම සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කළ බවයි  ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම, මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,
ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර සභාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, ඒ අතර වනවා
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කළ බවයි නාධිපති මාධ්‍ය අංශය පැවසුවේ
සංස්කෘතිය විද්‍යාත්මක තාක්ෂණික සහයෝගීතා ජනමාධ්‍ය තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුමක් ද එහිදී අත්සන් තැබූ බව වැඩිදුරටත් සදහන්.

Exit mobile version