උණුසුම් පුවත්

ඉරාන ජනපති හෙට මෙරටට..

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
පාකිස්තානයේ සංචාරයකින් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
කෙසේවෙතත් ඔහුගේ සංචාරයේ දින පිළිබඳ මෙතෙක් තහවුරු කර නැහැ.
උමා-ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම සඳහා මෙරටට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව සඳහන්.
2011 වසරේ මෙම බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු එරට අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ආරම්භ කෙරුණා.
ඉරානයට බලපෑ සම්බාධක හේතුවෙන් පසුව භාණ්ඩාගාර ප්‍රතිපාදන මෙම ව්‍යාපෘතියට යෙදවීමට පියවර ගත් බව සඳහන්.

Exit mobile version