දේශීය

උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා..

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද  සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.
නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමඟ ගම්-බිම් බලා පිටව යන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ බස් හා දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක බවයි එම අමාත්‍යංශය පැවසුවේ.
ඒ අනුව අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාවද අද සිට ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්. ජේ. ඉදිපොලගේ මහතා පැවසුවා.

මේ අතර කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ජනවාරි 06 වැනිදා දක්වා දිනපතා ධාවනයට එක්කර ඇති බවයි එන්. ජේ. ඉදිපොලගේ මහතා කියා සිටියේ.

මේ අතර අවශ්‍යතාවක් ඇතිවුවහොත් අතිරේක බස් රථ යෙදවීමට හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා

Exit mobile version