උණුසුම් පුවත්

එක්ස්ප්‍රස් පර්ල් විමර්ෂණ කඩිනම් කිරීමට අධිකරණ නියෝගයක්..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියෝග කර තිබෙනවා.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව දැනුම් දී ඇති බව සඳහන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කරුණු දැක්වීමට මාසයක කාලයක් ඉල්ලා සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කලේ.
පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් නම්කර තිබෙනවා.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බවයි.
ඒ යටතේ තවදුරටත් විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාව කුමක්ද යන්න සම්බන්ධයෙන් නීතිඥවරුන් එහිදී ප්‍රශ්න කර තිබෙනවා.
ඒ අනුව එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසද නියෝග කළ බව් සඳහන්

Exit mobile version