උණුසුම් පුවත්

ඖෂධ මිලදී ගැනීම් ගැන භාන්ඩාගාර ලේකම්වරයාගෙන් කරුණු විමසයි..

ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 50ක මුදලක් වෙන්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාට නියම කර තිබෙනවා.
ඒ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කර තිබියදී තවත් ඩොලර් මිලියන 50ක මුදලක් වෙන්කිරීම සම්බන්ධයෙන්.
ඒ අනුව එම ගනුදෙනුව සම්බන්ධව රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝගයක් නිකුත් කර ඇත්තේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදලින් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩල පත්‍රිකාවද රහස් පොලිසියට බාර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර ඉමියුනෝ-ග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබුණා.

Exit mobile version