දේශපාලන

කතානායකට එරෙහි විශ්වාස භංගය අද පාර්ලිමේන්තු මහලේකම්ගේ අතට..

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනඒමට තීරණය කලා.
ඒ අනුව ඊට අත්සන් ලබාගැනීමේ කටයුතු පසුගිය දිනවල සිදුවූ බව සඳහන්
එය මහ ලේකම්වරියට බාරදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ.

Exit mobile version