විදේශීය

ක්‍රිප්ටො කරන්සි රජුට වසර 25 ක සිර දඬුවමක්..

ක්‍රිප්ටෝ රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්රයිඞ් හට වසර විසිපහක සිරදඩුවමක් නියම කර තිබෙනවා.
ක්‍රිප්ටෝ කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් මිලියන ගණනක් වංචා කල බවට වරදකරු කරමින් මෙම නියෝගය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
නිව්යෝර්ක් අධිකරණයක් මගින් ඔහුට මෙම දඩුවම නියම කලා.
ඔහු ගණුදෙනුකරුවන්ගෙන් බිලියන ගණනක් සොරකම් කර ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇති බව සඳහන්.
එහිදී සෑම් ප්‍රකාශ කර ඇත්තේ මීට සම්බන්ධ ජනතාව අසරණවීම සම්බන්ධයෙන් සෑම අදියරක් යටතේම තමා කණගාටුවට පත්වන බවයි.
මෙම දඩුවමට පෙර ඔහු නිහඩව සිටි බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලා.

Exit mobile version