විදේශීය

ගාසා තීරයේ යුධ සුන්බුන් ඉවත් කිරීමට වසර ගානක් යාවි.. එක්සත් ජාතීන් කියයි..

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා වසර ගණනාවක් ගතවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ඒ සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් වසර 14 ක කාලයක් ගතවනු ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කර ඇත්තේ.
යුද ගැටුම් හේතුවෙන් ගාසා තිරයේ සුන්බුන් මෙටි්‍රක් ටොන් මිලියන 37 ක් ගොඩගැසී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අතර පුපුරා නොගිය බෝම්බ, පතොරොම් කොපු සහ විනාශ වූ ගොඩනැගිලි සුන්බුන්ද වනවා.
පුපුරා නොගිය බෝම්බ ප්‍රමාණය පිළිබඳව නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.
මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 34,305 ක් මියගොස් තවත් 77,293 තුවාල ලබා ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළා.

Exit mobile version