විදේශීය

ගුවනින් ආ ආහාර ගැනීමට ගිය පලස්තීනුවන් 18 ක් මරුට..

උතුරු ගාසා තීරයට ගුවනින් හෙලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එක්රැස් කිරීමට උත්සහ කල පලස්තීනුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මුහුදට බැස ඒවා එක්රැස් කිරීමට උත්සහ කිරීමේදී 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.  
තවද ගොඩබිමට පතිත වූ ආධාර ලබා ගැනීමට යාමේදී ඇතිවු තෙරපීමකින් තවත් හයදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
මෙහිදී ජලය සහල්, ආහාර පිසීම සඳහා යොදා ගන්නා තෙල්, පිටි, ටින්කල ආහාර ටොන් දහයක් මෙලෙස ගුවනින් බිම හෙලා තිබෙනවා.

Exit mobile version