විදේශීය

චීනයේ ගංවතුරක්.. ග්වැන්ඩොන්ග් ප්‍රදේශයේ 60000 ක් ඉවත්කරයි..

චීනයේ ග්වැන්ඩොන් ප්‍රදේශයට බලපා ඇති ගං වතුර තත්වය හමුවේ පුද්ගලයින් 60,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.
මේ වන විට පුද්ගලයන් තිදෙනෙකු ආපදාවලින් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
තවත් පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.
අධික වර්ෂාව හේතුවෙන් ග්වැන්ජෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අවලංගු කිරීමටද බලධාරීන් කටයුතු කර තිබෙනවා.
චීනයේ ග්වැන්ඩොන් ජනාකීර්ණ ප්‍රදේශයක් බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version