දේශපාලන

ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්..

පාර්ලිමේන්තු කටයුතු අදත් ආරම්භ වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
සභාවේ කටයුතු ආරම්භයේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකලා.
ඒ, රටේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන්.
ජනාධිපතිවරයා එහිදී අවධාරණය කලේ අද වනවිට රට ආර්ථික ස්ථාවරවත්වයකට පත්ව ඇති බව සියළු දෙනා පිළිගත්තද එසේ නොවන බවට ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරන බවයි.

වත්මන් ආර්ථික දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

1977 වසරෙන් පසු ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමට රජයට හැකිවු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කලේ.

Exit mobile version