දේශපාලන

ජනපතිගෙන් මැතිවරණ මෙහෙයුම් කැබිනට්ටුවක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනපතිවරණ මෙහෙයුම වෙනුවෙන් දේශපාලන කැබිනට්ටුවක් පත්කර ඇතිබව  දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඊට සමගාමීව මැතිවරණ සැලසුම් මෙහෙයවීම සඳහා විශේෂ කමිටුවක්ද නම් කර ඇතිබව සඳහන්.
පසුගිය සඳුදා රාත්‍රියේ එම කමිටුව රැස්ව ඇති බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කලේ.
 කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොවූ ජනපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ද ඊට ඇතුළත් බව සදහන්.
මීට සමගාමීව මැතිවරණ සැලසුම් මෙහෙයවීම සඳහා ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පත්කර තිබෙනවා.
 නිමල් ලන්සා, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන්ද එම කමිටුවට ඇතුලත් බව සදහන්.
එම කමිටුව ද පසුගිය බදාදා දිනයේ රැස්ව තිබෙනවා.
ඒ අනුව  ඉදිරියේදී සෑම සතියකට වරක් ඔවුන්  රැස්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේ.

Exit mobile version