දේශපාලන

ජනපතිවරණ වියදම කෝටි නවසිය හැත්තෑ පහයි.. කොමිසම කියයි..

ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 975 ක් වෙන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා.
එම කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සහ එහි තොරතුරු නිලධාරී බී.සී.පී. කුලරත්න මහතා මේ බව සඳහන් කලා.
අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ ජාමුනි කමන්ත තුෂාර මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවයි මේ බව අනාවරණ කර ඇත්තේ.  
එම මැතිවරණයේ වැඩිම වියදම දැරීමට සිදුව ඇත්තේ කාර්ය මණ්ඩල වැටුප්, අතිකාල සහ ගමන් වියදම් වෙනුවෙන් බව සඳහන්.
එය රුපියල් කෝටි 27 1 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
 වාහන කුලී වෙනුවෙන් රුපියල් කෝටි 15ක වියදමක් දැරීමට සිදුවන බව සඳහන්.
මැතිවරණයේ මුද්‍රණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 14 ක්ද,  ලිපි ද්‍රව්‍ය හා කාර්යාල භාණ්ඩ වෙනුවෙන් රුපියල් කෝටි 13ක්ද වෙන්කර තිබෙනවා.
්, සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය හා උපකරණ වෙනුවෙන් රුපියල් කෝටි 25ක්, ඉන්ධන වෙනුවෙන් රුපියල් කෝටි 80ක්, ඉදිකිරීම් හා අලුත්වැඩියා වෙනුවෙන් රුපියල් කෝටි 10ක්, සුබසාධන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 40ක් ඒ අතර වනවා.
තාවකාලික විදුලිය සැපයීම් හා විදුලි ගාස්තු වෙනුවෙන් රුපියල් කෝටි 171 ක්, ඡන්ද පොළ සේවා වෙනුවෙන් රුපියල් කෝටි 25ක්, ජල, දුරකථන ඇතුළු සේවා, සහ වෙනත් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 55ක් ද වෙන් කිරීමට නියමිතයි.
 නීතිවිරෝධි ප්‍රදර්ශන ඉවත් කිරීම, පැමිණිලි කළමනාකරණය වෙනුවෙන් රුපියල් කෝටි 7 ක්, මුද්දර හා තැපැල් ගාස්තු වෙනුවෙන් රුපියල් කෝටි 4ක්, නිරීක්ෂණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 7ක්, ප්‍රචාරණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 4ක් සහ නවාතැන් හා ගොඩනැගිලි කුලී වෙනුවෙන් රුපියල් කෝටි 5ක් මෙලෙස වෙන් කිරිමට නියමිත බව සඳහන්.

Exit mobile version