ප්‍රධාන පුවත්

තවත් වෛද්‍යවරු 5000 ක්වත් රටහැර යාවි.. සමස්ත ලංකා හෙද නිලධාරින්ගේ සංගමය කියයි..

වෛද්‍යවරුන් පෞද්ගලික අවශ්‍යතා මත විදෙස්ගත වීමේදී සීමා කිහිපයකට යටත්ව පමණක් ඊට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ, ගතවූ වසර දෙක ඇතුළත වෛද්‍යවරුන් 2000කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බවට වාර්තා වන පසුබිමකයි.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, තවත් වෛද්‍යවරුන් 5000ත් 6000ත් අතර පිරිසක් රට හැර යෑමේ සුදානමක් ඇති බවයි.
හෙද නිලධාරීන් රැසක්ද ඒ අතර වනු ඇති.
එය මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

Exit mobile version