විදේශීය

තෙලංගනා ප්‍රාන්තයේ පාලමක් කඩාවැටේ.. කිසිවෙකුටත් හානියක් නෑ..

ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේදී පාලමක් කඩාවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දැඩි සුළං තත්වය එය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.
 ඉදිකරමින් පැවති පාලමක අඩි 100 ක පමණ කොටසක් මෙලෙස කඩාවැටී තිබෙනවා.
එම පාලම කඩාවැටීමට  පෙර එම ස්ථානයෙන් මංගල උත්සවයක පුද්ගලයින් 65 දෙනෙකු රැගත් බස් රථයක් ද ගමන්කර ඇති බව සදහන්. .
කෙසේ වෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ.

Exit mobile version