උණුසුම් පුවත්

දියතලාව අනතුරට අදාලව දෙදෙනෙක් අත්තඩංගුවට..

දියතලාව, මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගතව සිටින සිටින බව සඳහන්.
පොලිසිය පැවසුවේ, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟය අතරතුර සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි වුණා.
අනතුරින් ජීවිත අහිමිවූවන් අතර කුඩා දියණියක්, ඇගේ මුත්තණුවන් මෙන්ම තරඟ නිරීක්ෂකයින් 04 දෙනෙක් ද ඇතුළත්.
තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ, දියතලාව දිස්ත්‍රික් රෝහලට සහ බදුල්ල මහ රෝහල් වෙතයි.
ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පැවසුවා.
2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟය ඊයේ ආරම්භ වුණේ, දියතලාව, ෆොක්ස්හිල් ධාවන පථයේදී.
මේ සදහා මෝටර් රථ ධාවන ශූරයින්ද ඇතුළුව තරඟකරුවන් රැසක් එක්ව සිටියා.
තරඟය නැරඹීම සඳහා පැමිණ සිටි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න බවද සඳහන්.
තරඟයේ පළමු අදියර අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන තරඟ නිරීක්ෂකයින්ගේ සහ නරඹන්නන්ගේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සිදුවීමත් සමඟ තරඟය නතර කිරීමටයි සංවිධායකින් තීරණය කළේ.

Exit mobile version