දේශපාලන

නව විදුලි පනත අකුලා නොගන්නා බව ඇමති කියයි..

කිසිඳු හේතුවක් මත නව විදුලිබල පනත හකුලා නොගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
විදුලි සේවකයන් විසිහතරදහසම අධිකරණ ක්‍රියාමාර්ග ගත්තද මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා කියා සිටියේ.
එම අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ඕනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හරහා වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවයි.
නව විදුලිබල පනත පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු පළමු අවස්ථාවේදීම ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියා.
එහි යම් ව්‍යවස්ථා හෝ නීති විරෝධී කරුණු ඇතුළත්ව තිබේ නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අවස්ථාව ඕනෑම පුද්ගලයෙකුට හිමි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට යොමු කරන නිර්දේශ හරහා කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

Exit mobile version