උණුසුම් පුවත්

නීති විරෝධී සංක්‍රමණිකයන්ට පිටත් වීමට කුවේටයෙන් පොදු සමා කාලයක්..

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධි ලෙස රැඳී සිටින පුද්ගලයින්ට  පිටවීම සඳහා පොදු සමා කාලයක් ලබාදී තිබෙනවා.
ඒ, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින්.
 මාර්තු මස 17 වනදා ආරම්භ වූ එම පොදු සමා කාලාය ජූනි මස 17 වනදා දක්වා මාස 3 ක කාලයක් ක්‍රියාත්මක බව සඳහන්.
මේ වනවිට ශ්‍රි ලාංකිකයින් 19,620ක පිරිසක් වලංගු වීසා බලපත්‍ර නොමැතිව කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳී සිටින බවයි එරට තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකු මෙම කාලය තුල එරටින් පිටව යන්නේ නම් දඩ මුදල් අය කිරීමක් නොකිරීමට පියවර ගෙන තිබෙනවා.
යලි අදාල පුද්ගලයන් සඳහා නීත්‍යානුකුලව  කුවේට් රාජ්‍යය වෙත පැමිණීමට අවස්ථාව හිමිවන බවද සඳහන්.
නීතිවිරෝධිව කුවේට් රාජ්‍යයේ රැඳී සිටින පුද්ගලයෙකු තවදුරටත් නීත්‍යානුකූලව රැඳී සිටීමට අපේක්ෂා කරන්නේ නම් එරට රජය නියම කරනු ලබන දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව වලංගු වීසා බලපත්‍ර ලබාගත හැකියි.

Exit mobile version