දේශීය

පළාත් කිහිපයකට අදත් වැසි..

දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලට මෙලෙස වැසි අපේක්ෂා කරන බව සඳහන්.

පොළොන්නරුව නුවරඑලිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද තරමක වැසි ඇතිවන බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.

නැගෙනහිර, ඌව, බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කලා.

Exit mobile version