විදේශීය

ප්‍රංශය ඔලිම්පික් සඳහා දැවැන්ත සූදානමක.. සංචාරකයන් මිලියන 15 ක් බලාපොරොත්තු වෙයි..

ප්‍රංශයේ පැරිස් නුවරදී ලබන ජූලි 26 වනදා සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වනවා
මෙහිදී, පැරාලිම්පික් උළෙල තරඟ ඉසව් 549ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400 දෙනෙකු සහභාගී වීමට නියමිතයි
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනෙකු තරග ඉසව් 329ක් සඳහා තරග කිරීමට ඔලිම්පික් උළෙලට ඉදිපත්වීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ  සම්පූර්ණ උත්සවය සඳහා ප්‍රංශ රජය හමුදා සෙබළුන් 20,000කගෙන් සහ පොලිස් නිලධාරීන් 40,000කට වැඩි පිරිසකගෙන් පුළුල් ආරක්ෂාවක් සපයා ඇති බවයි.
එමෙන්ම, ඔලිම්පික් සහ පැරාලිම්පික් කාලය තුළ ප්‍රංශය බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයින් ප්‍රමාණය මිලියන 15ක් බවද  සඳහන්.

Exit mobile version