උණුසුම් පුවත්

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදීගැනීම් ගැන ජාතික විගණන කාර්‍යාලයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්..

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
ඒ අනුව එම ගනුදෙනු වලට සම්බන්ධ වූ පුද්ගලයින් ඇතුළු තොරතුරු රැසක් ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට එළැඹෙන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම වාර්තාව මේ වන විට සකස් කර අවසන් බවයි විගණන කාර්යාලය සඳහන් කළේ.
විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතාගේ විශේෂ උපදෙස් මත මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
ඒ වසරක් පුරා සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි.
මෙම කරුණු පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ද වෙන් වෙන්ව විමර්ශන පැවැත්වීමට නියමිතයි.

Exit mobile version