ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය.. 24 කට චෝදනා ගොනුකෙරේ..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණ කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු 24 දෙනෙකුට නීතිපතිවරයා විසින් චෝදනා 23,270 ක් ගොනුකර තිබෙනවා.

මෙම නඩුවට අදාළ විත්තිකරුවන්ට චෝදනා කියවීම කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ අවසන් කෙරුණා.
ඒ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවන් හමුවේ එය විභාගයට ගත් අවස්ථාවේදීයි.
මෙම චෝදනා කියවීම දින 5ක කාලයක් පුරා  සිදු කර තිබෙනවා.
ඒ අනුව නඩු විභාගය යළි ඔක්තොම්බර් මස 10 වැනිදා කැඳවන ලෙස විනිසුරුවරුන් නියෝග කළා.
එදින සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතාට අධිකරණය විසින් සිතාසි නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා  23,270ක් යටතේ නවුෆර් මව්ලවි සහ සජීඩ් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.
මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් යන විත්තිකරුවන්ද ඒ අතර වන බව සඳහන්.

Exit mobile version