ක්‍රීඩා

පැතුම් නිස්සංකට ශ්‍රි ලංකා සිම්බාබ්වේ තරගාවලිය අහිමිවෙයි.. පැතුම්ට ඩෙංගු වැළඳිලා..

ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අද සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආරම්භ වන එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා.

පැතුම් නිස්සංක වෙනුවට ශෙවොන් ඩැනියෙල් බොහෝ දුරට එක්දින සංචිතයට කැඳවනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

තරග 03 බැගින් වන එක්දින තරගාවලිය මෙන්ම විස්සයි විස්ස තරගාවලිය ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

Exit mobile version