විදේශීය

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් එකට ගැටේ.. දහදෙනෙක් ජීවිතක්ෂයට..

මැලේසියාවේ බටහිර පෙරාක් ප්‍රාන්තයේදී හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.
බටහිර පෙරාක් ප්‍රාන්තයේ ලුමුට් නාවික හමුදා කඳවුරේදී අද උදෑසන 9.32 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් හෙලිකොප්ටර් යානා දෙකේ සිටි පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙක මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරන් පසු එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර, අනෙක් යානය අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා.

Exit mobile version