දේශීය

මෙරට යාචක ප්‍රමාණය ඉහල ගිහින්.. සමාජසේවා දෙපාර්තමේන්තුව කියයි..

මෙරට යාචකයින්ගේ සංඛ්‍යාව ඉහල ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ, සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුවයි.

නගරසභා සහ මහනගර සභා 65 ක් කේන්ද්‍ර කරගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඒ අනුව වාර්තාවී ඇති යාචකයින්ගේ සංඛ්‍යාව 3,700 කට ආසන්න වනවා.

බස්නාහිර පළාතේ පමණක් යාචකයින් 1,600 ක් සිටින අතර කොළඹ නගරයට පමණක් මෑතකදී යාචකයින් දහසකට අධික පිරිසක් සංක්‍රමණය වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ආර්ථික අර්බුදයත් සමග ඇතැම් ආයතන වැසී යාමත් සමග එහි සේවය කල ඇතැම් පිරිස් යාචකයින් බවට පත්වී ඇති බවයි සමාජසේවා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් යාචකයින් පුනරුත්ථාපනය කිරීම සඳහා පිහිටුවා ඇති රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉඩකඩද මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවද වැඩිදුරටත් සදහන්.

Exit mobile version