දේශපාලන

යළි පාර්ලිමේන්තු නොඑන බව බැසිල් කියයි..

සිය පක්ෂය විසින් කිසිදිනක ජනතාව රැවටීමට උත්සහ කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ යලි පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා කිසිදු අදහසක් නොමැති බවයි.
කුමන මැතිවරණයක්ද පැවතියද එහි සංවිධාන කටයුතු තමා විසින් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි බැසිල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කලේ.
අවශ්‍ය තැනට වෙනසක් සිදු කිරීමට කටයුතු කරන බවද ඒ මහතා එහිදී කියා සිටියා.
සෑම මැතිවරණයක්ම අභියෝගයක් බවයි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

Exit mobile version