උණුසුම් පුවත්

යාපනයේ පොරපොල් තරගයක්.. පොල් ගෙඩියක් රුපියල් 4000 ට අලෙවි වෙයි..

යාපනයේදී පොල් ගෙඩියක් රුපියල් 4000 කට අලෙවි වී තිබෙනවා.
පොරපොල් තරඟයක් සඳහා පැවති වෙන්දේසියකදී එය අලෙවි වු බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
යාපනයේ සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් සංවිධාන කල පොරපොල් තරඟයකට මෙම පොල් ගෙඩි වෙන්දේසිය පවත්වා තිබෙනවා.
ඇතැම් ඒවා රුපියල් දහසකට අලෙවි වු බවද සඳහන්.
පාරම්පරික පොරපොල් තරඟය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වාර්ෂිකව මෙය සංවිධාන කරනු ඇති.

Exit mobile version