ප්‍රධාන පුවත්

සටන් විරාමය ප්‍රමාද වේ..

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර වන සටන් විරාමය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

එම සටන් විරාමය අද දිනයේ ආරම්භ වීමට නියමිතව තිබු බවයි බී බී සී ලෝක සේවය සඳහන් කලේ.

කෙසේ වෙතත් ගාසා තීරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට දිනය දක්වා ප්‍රමාද කර ඇති බවට ඊශ්‍රායල් බලධාරින් චෝදනා කරනවා.

හමාස් සංවිධානය විසින් පසුගියදා ප්‍රකාශ කල පරිදි ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබුණා.

ඊට සමගාමීව ඊශ්‍රායල් ග්‍රහණයේ සිටින පලස්තීනුවන් 150 දෙනෙකුද නිදහස් කිරීමටයි කටයුතු යොදා තිබුණේ.

කෙසේ වෙතත් සටන් විරාමය තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමේ වැඩපිළිවෙල අඩපණ වී තිබෙනවා.  

Exit mobile version