ක්‍රීඩා

සනත්ගේ වාර්තාව පැතුම් බිඳී..

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති එක්දින තරඟයේදී පැතුම් නිශ්ශංක ක්‍රිකට් වාර්තා පොත අලුත් කිරීමට සමත් වුණා.
ඒ එම තරඟයේදී පන්දු 139 කට ලකුණු 210 ක් ලබා ගනිමින්.
2000 වසරේදී ලකුණු 189 ක් රැස් කරමින් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව මෙලෙස පැතුම් නිශ්ශංක බිඳ හෙළීමට සමත් වුණා.
ඊයේ තරඟයේදී කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන්  යුගලය වන පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ලට ලකුණු 182ක සබඳතාවක් ගොඩනැඟුවා.
යළි ලකුණු අතරට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු එහිදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 88 යි.
 පැතුම් නිශ්ශංක එම තරඟයේදී වේගවත් පිතිහරඹයක නිරතවෙමින් සිය ලකුණු ලබාගැනීමට සමත් වීම විශේෂත්වයක්.
ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ප්‍රේක්‍ෂකයන් කරමින් නොනවතින ප්‍රහාරයක් එල්ල කළ පැතුම් නිශ්ශංක ලකුණු 200යේ සීමාව ඉක්මවා ගියේ ද්විත්ව ශතයක් ලබාගත් පළමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට පත්වෙමින්.
ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් ඇතුළත් වනවා.
සදීර සමරවික්‍රම ලකුණු 44ක් රැස් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 381 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරඟය ලකුණු 42 කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
අෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 339 ක් පමණයි.

Exit mobile version