ක්‍රීඩා

සනත් ජයසූරිය පූර්ණ කාලීන ක්‍රිකට් උපදේශකයකු ලෙස පත් කිරීමට යෝජනාවක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස සනත් ජයසූරිය පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු ක්‍රිකට් ක්‍රමෝපායන් සැලසුම් කිරීම, ක්‍රිකට් තාක්ෂණය, පුහුණු කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ත උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම යෝජනාව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය මෙතෙක් හිමිවී නැහැ.

සනත් ජයසූරිය වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 50 ක ගෙවීමක් සිදු කිරීමටද නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කලේ.

Exit mobile version