දේශපාලන

සමගි ජන සන්ධානය නමින් නව දේශපාලන සන්ධානයක් අද එලිදකී..

සමගි ජන සන්ධානය අද එලි දකින බව සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් මහතා පවසනවා.
ඒ ආණ්ඩුවෙන් ස්වාධීන වී සමගි ජන බලවේගය සමඟ කටයුතු කරන පිරිස්  එක්ව පුළුල් දේශපාලන සන්ධානයක් ලෙසයි,
 විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඊට අදාළ ගිවිසුමට අද දිනයේ දී අත්සන් තබන බවයි.
ඒ සඳහා ප්‍රතිපත්තිමය කරුණූ රැසක් පිළිබඳව මාස කීපයක සිට  සාකච්ඡා කර තිබෙනවා
එම එකඟතාවට අනුව මැතිවරණ ජයග්‍රහණයට අමතරව ඉදිරියේදී රජයක් ලබා ගැනීමෙන් පසු කටයුතු කරන ආකාරය පිළිබඳව අවධානය යොමුකර ඇති බව සදහන්

Exit mobile version