ගොසිප්

සමලිංගික වීම අපරාධයක් නොවේ.. පාප්තුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි

ඇමරිකාවේ නිවුයෝක් නගරය මූලස්ථානය කරගත් ඒපී පුවත් සේවය හා ඊයේ දින කළ සම්මුඛ සාකච්ඡාවකදී සමලිංගික නැඹුරුව අපරාධයක් නොවන බවත් වෙනස් ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව (ඛඨඊඔූ) පිලිගන්නා නීති වලට සහාය පලකරන බවත් ලෝක කතෝලික ප්‍රජාවගේ ප්‍රධානියා වන බෙනඩික්ට් පාප් තුමා පැවසීය.
පාප්තුමා එසේ පවසා ඇත්තේ සමලංගිකත්වය ඇතුලු ද්වි ලිංගිකත්වයට වෙනස් ලිංගික නැඹුරුතා කතෝලික පල්ලිය විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තුළ වීම විශේෂත්වයකි.
දෙවියන් ඔහුගේ දරුවන් ඔවුන්ගේ අනන්‍යාතාවන් අනුව ඔවුන් ඒ ලෙසම පිළිගනිමින් ආදරය කරන බවත් සමලිංගිකත්වයට එරෙහි නීති අසාධාරණ බවත් පාප්තුමා ප්‍රකාශකර තිබේ.
ලොව පුරා රටවල් 67 ක් සමලිංගිකත්වය දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස සලකන අතර ඉන් 11 ක් සමලිංගික වරදට මරණ දඬුවම නියමකර ඇත.
සම්මුඛ සාකච්ඡාව හා එක්වෙමින් පාප්තුමා ප්‍රකාශකර ඇත්තේ “එය අපරාධයක් නොවේ. නමුත් එය පාපයකි. අප මුලින් පාපය හා අපරාධය අතර වෙනස හඳුනාගනිමු” යනුවෙනි.

Exit mobile version