උණුසුම් පුවත්

සා.පෙ. පරික්ෂණයට පෙර උ.පෙ. නැවත පරික්ෂා කළ ප්‍රතිඵල නිකුත් කරණවා.. අධ්‍යාපන ඇමති..

මෙවර අධ්‍ය්‍යන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
මෙවර එම විභාගය මැයි මාසයේ දෙවැනි සතියේ ආරම්භ වීමට නියමිතයි.
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙලෙස නිකුත් කරන බවට විභාග කොමසාරිස්වරයා විසින් දැනුම් දී තිබෙනවා.
උසස් පෙළ දරුවන් බඳවා ගැනීම ආරම්භ කර ඇති හෙයින් නැවත සමීක්ෂණ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළා.

Exit mobile version