උණුසුම් පුවත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් මුදල් අවභාවිතාවක්..

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා
ඒ සෞඛ්‍ය සඳහා වෙන්කළ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය මුදල් අවභාවිතා වීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින්
පසුගිය දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපතිතිවරයා හෙළි කළේ ඉන්දියා ණය යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍ය සඳහා වෙන් කළ මුදල්වලින් නිසි පරිදි ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණය සිදුවී නොමැති බවයි
එ බැවින් ඒ සඳහා වගකිවයුතු සියලුරෑ නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි අදාල ලිපිය මගින් එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
ඖෂධ සමාගම් පනහක් හරහා මෙරටට තත්ත්වයෙන් බාල ඖෂධ පැමිණ ඇති බවට සැකයක් නිර්මාණය වී ඇති බවද සදහන් කර තිබෙනවා
ඒ සම්බන්ධවද පුළුල් විමර්ශනයක් සිදුකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරන ලෙසටයි වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ
ඒ සම්බන්ධයෙන් විශේෂ කොමිෂන් සභාවක් පත්කර විමර්ෂණ සිදුකරන ලෙසද සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇති බව සදහන්.

Exit mobile version