දේශීය

2023 දී අලි ඇතුන් 476 ක් මියගිහින්…

පසුගිය වසරේදී අලිඇතුන් 476ක් මියගොස් ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා.
මෑත ඉතිහාසයේ වැඩිම අලිඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදී බව සදහන්.
අලි – මිනිස් ගැටුම හා ස්වභාවික හේතූන් මත මෙම මරණ සිදුව තිබෙනවා.
එය වැළැක්වීම සඳහා විදුලි වැටවල් ඉදිකිරීමට හා නඩත්තුවට පසුගිය වසර දෙකේදී රුපියල් කෝටි 228.00 ක් වැයකර ඇතිබව සදහන්.
කෙසේ වෙතත් එම තත්වය අඩු වී නොමැති බවද එම සංගමයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කලා.
ඒ අනුව මිය යන අලි ඇතුන්ගේ ප්‍රමාණය අවම කිරීමට කිසිදු සාධනීය පියවරක් මෙතෙක් ගෙනනොමැති බවටයි ඔවුන් චෝදනා කලේ.
මෙම ගැටලුව විසඳා ගැනීමට ඉතිරිව ඇති කෑලැ ප්‍රදේශ ඒකාබද්ධ කර අලි කොරිඩෝවක් නිර්මාණය කරන ලෙස එම සංවිධාන විසින් යෝජනා කර තිබෙනවා
එහෙත් මෙතෙක් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි රවීන්ද්‍ර කාරියවසම් මහතා වැඩිදුරටත් සදහන් කලේ.

Exit mobile version