දේශපාලන

ජෝසප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ..

හිටපු අමාත්‍යවරයෙකු හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කතානායකවරයා වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 82 ක්.

1970 දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ජෝසප් මයිකල් පෙරේරා මහතා 1977 න් පසු බිහිවූ එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රභල ඇමති වරයකු ද වුනා.

වර්ෂ 2015 දක්වා ඔහු මහජන නියෝජිතයකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කෙරුවා.

එමෙන්ම ඔහු කලක් එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිතිය වූ ජාතික සේවක සංගමයේ ප්‍රධානියාද වී සිටියා.

Exit mobile version