උණුසුම් පුවත්

අක්ෂි සැත්කම් සංකූලතාවලට හේතු වූ ඖෂධය ගැන වාර්තාවක් නිකුත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි..

අක්ෂි සැත්කම් සිදුකිරීමෙන් පසු භාවිත කළ ඖෂධයකින් සංකූලතා ඇති වුවේ යැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරියේදී වාර්ථාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

 සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා සඳහන් කලේ ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කමිටුව නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි.

පසුගිය දා ශල්‍යකර්මයට භාජනය වූ අක්ෂි රෝගීන් පිරිසකගේ පෙනීම දුර්වලවීමක් සහ පෙනීම නැතිවීමක් සම්බන්ධව වාර්තා වුණා.

ඒ සම්බන්ධව සෞඛ්‍ය ලේකම්වරයා විසින් 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබුවා.

මෙම බෙහෙත භාවිතකල රෝහල්වල සංකූලතා සම්බන්ධ විශ්ලේෂණ වාර්තාව සෞඛ්‍ය ලේකම්තුමාට එම කමිටුව විසින් භාරදෙනු ඇති.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page