දේශීය

අගෝස්තු 16 සිට දකුණට විදුලිය කප්පාදුවක්..

 ලබන 16 වැනිදා සිට දකුණු පළාතට විදුලිය කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර ඇති බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉජිනේරු සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සමනළ වැවේ ජලය වගා කටයුතු සඳහා උඩවලව ජලාශයට නිකුත් කිරීම හරහා මෙම ගැටළුකාරී තත්ත්වය උද්ගතව ඇති බවයි.
ඒ අනුව මේ මොහොතේ හදිසි විදුලිය මිලදී ගැනීමට නොගොස්, දකුණු පළාතට විදුලි කප්පාදුවක් සිදු කිරීම යෝග්‍ය බවද ඒ මහතා පෙන්වා දුන්නා.

මේ අතර දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට අදාළව ප්‍රශ්නගත ඉඩම නොමිලයේ ලබාදීමට ඉඩම්හිමියා සිය එකඟතාව පළ කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page