දේශපාලන දේශීය ප්‍රධාන පුවත්

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදේශ ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.ඒ, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් කබ්රාල් මහතාගේ පාර්ශවයට පෙබරවාරි මස 16 වැනිදා දක්වා කල් ලබා දුන් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.2006 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොණුකර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page