ප්‍රධාන පුවත්

අද රටේ ප්‍රදේශ කිහිපයකට දැඩි උණුසුමක්..

ප්‍රදේශ කිහිපයකට අද දින උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, උතුරු- මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහාත් එය බලපානු ඇති.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල අසාමාන්‍ය තරම් උණුසුමක් අපේක්ෂා කල හැකි බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ එලිමහන් ක්‍රියාකාරකම්වල යෙදීම සිරුරට අහිතකර විය හැකි බවත් විජලනය සහ ලවණ ඉවත්වීම හේතුවෙන් ඇති වන මස්පිඬු පෙරලීම් සිදුවිය හැකි බවත් හැකි තරම් එලිමහන් ක්‍රියාකාරකම් වලින් වැලකී සිටින ලෙසත් අදාල ප්‍රදේශවල ජනතාවගෙන් කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page