දේශීය

අද සවසත් තද වැසි..

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරු-මැද පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තදවැසි ඇතිවන බවට දෙපාර්තමේන්තුව අනාවැකි පලකර තිබෙනවා.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද මුහුද තාවකාලිකව ඉතා රළු විය හැකි බවද සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page