දේශපාලන

අධිකරණ නියෝගයකට අනුව ඇමති කෙහෙලිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට..

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද  පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා
ඒ, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි .
අද පෙරවරු 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි  අධිකරණය ඊයේ නියෝග කළේ
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධියට අදාළ නඩුව ඊයේ කැඳවනු ලැබුවා
එම අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ
මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම් දී තිබුණ ද ඔහු එය සිතාමතාම මගහැර තිබූ බවටයි  අධිකරණයේදී කරුණු ඉදිරිපත් කර තිබුනේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page