දේශීය

අපේක්ෂා රෝහලට ඖෂධ ඉල්ලයි.. පරිත්‍යාගශීලීන්ට අවස්ථාව

මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධවල උග්‍ර හිගයක් පැවතීම හේතුවෙන් රෝහලට අවශ්‍ය ඖෂධ ලබා දෙන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරන බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර මහතා කියා සිටියි.

හිග ඖෂධ පිළිබදව තොරතුරු දැන ගැනීමට දුරකථන අංකයක්ද මේ වනවිට හඳුන්වා දී තිබේ. ලක්.එෆ්.එම් නිවුස් වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ 0777 – 468503 දුරකථන අංකය ඇමතීමෙන් හිග ඖෂධ පිළිබද වැඩිදුර තොරතුරු ඖෂධ පරිත්‍යාග කිරීමට කැමැත්ත දක්වන අයට ලබාගත හැකි බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page