ක්‍රීඩා

අරවින්ද ද සිල්වා ක්‍රිකට් විශිෂ්ටයින්ගේ ලයිස්තුවට..

ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව 1996 වසරේ ලෝක ශුරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු මෙන්ම අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුලත් කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ.

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ශෙවාග් හා එරට හිටපු ක්‍රීඩිකාවක වන ඩයනා එදුල්ජි ද ඊට අයත් වනවා.

අරවින්ද ද සිල්වා මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමත් සමග එහි ශ්‍රී ලාංකිය ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව සිව්දෙනෙකු දක්වා ඉහල ගියා.

මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනද මීට පෙර මෙම ලැයිස්තුවට එක්කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page