වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම්කර තිබෙනවා.
සිනෙත් ජයවර්ධන නායකත්වය දරන මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්.
සෙසු ක්‍රිඩකයන් වන්නේ කුලිදු පෙරේරා, විශේන් හලඹගේ, රවිශාන් ද සිල්වා, ශාරුජන් ශන්මුගනාදන්, දිනුර කළුපහන, මල්ෂ තරුපති, විහස් තෙව්මික, විශ්ව ලහිරු, ගරුක සංකේත්, දුවිදු රණතුංග, හිරුන් කපුරුබණ්ඩාර, රුසඳ ගමගේ, දිනුක තෙන්නකෝන් සහ රුවිශාන් පෙරේරායි.
අදාල කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබී ඇති බවයි ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කලේ.
එම තරඟාවලිය එළඹෙන අටවනදා සිට 17 වනදා දක්වා ඩුබායි හීදි පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හෙට දිනයේ ඩුබායි බලා පිටත්ව යනු ඇති.
Leave feedback about this