දේශපාලන

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අයෙකුට සහය නොදෙන බව චන්ද්‍රිකා කියයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ කිසිදු අපේක්ෂකයෙකුට  සහාය ලබා දීමට තීරණය කර නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහත්මිය කියා සිටියේ විවිධ අපේක්ෂකයින්ට සහාය ලබාදීමට  තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
 පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්ව මණඩලයේ නායකත්වය හිටපු ජනාධිපතිනිය විසින් භාර ගැනීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවී තිබුණා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිනිය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඇගේ මාධ්‍ය අංශය නිවේදනය කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page